Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී  

Add comments

රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ පත්කර සිටින රාජ්‍ය පොසොන් කමිටුව ඓතිහාසික මිහින්තලය පුද භූමියේ දී රැස්වුණා.

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරය මුල්කර ගනිමින් එළඹෙන 4/5 සහ 6 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

පොසොන් උත්සවයේ පළමු දින මිහින්තලා ආලෝක පූජාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනු ඇති. දෙවන දින පුණ්‍ය කටයුතු ආරම්භ කෙරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බවයි මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සඳහන් කළේ. රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ පත්කර ඇති රාජ්‍ය පොසොන් කමිටුවේ රැස්වීමෙන් පසු උන්වහන්සේ මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

The post මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG