කෝවිඩ් 19 වෛරස වසංගත ආරම්භයේ සිට වැඩිම දෛනික ආසාදිතයන් ගණන ඊයේ දිනයේ දී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
වෛරසයෙන් අද වන විට වාර්තා වන ආසාදිතයින් ගණන ලක්ෂ 50කට අධිකයි. මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්දහසකට ආසන්න වී තිබෙනවා. මෙම වසංගත තත්ත්වය සමඟ තවත් දීර්ඝ කාලයක් ගමන් කිරීමට සිදුවනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියේසස් සඳහන් කරන්නේ.
ලොව පුරා රටවල් වලින් ගෙවුණු පැය 24 දී නව ආසාදිතයින් එක්ලක්ෂ හය දහසක් ඉක්මවූ පිරිසක් වාර්තා වී ඇති අතර එයින් 2/3ක පමණ පිරිසක් වාර්තා වී ඇත්තේ රටවල් 4කින් වීම විශේෂත්වයක්.
මේ වන තෙක් වාර්තා වී ඇති දත්තවලට අනුව ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් ගණනක් සටහන් වී ඇත්තේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 21472ක්. රුසියාව ද ඉක්මවා යමින් බ්‍රසීලයෙන් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව ද වාර්තා වී ඇත්තේ ඊයේ දිනයේදී වන අතර එම සංඛ්‍යාව 911ක්.
The post කොරෝනා වැඩිම දෛනික ආසාදිතයන් ගණන ඊයේ දිනයේ දී වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment