නව්‍ය කොරෝනා වෛරසයේ නවතම රැල්ලක් ඇතිවීමේ සැකය මත මිලියන සීයක ජනගහනයකින් යුත් චීනයේ ප්‍රාන්තයක නගර දෙකක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊසාන දිග චීනයේ පිහිටි ජිලින් පළාතේ රෝහල් දෙකක් කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් සඳහා වෙන් කිරීමටයි බලධාරීන් දැනටමත් පියවර ගෙන තිබෙන්නේ. ජිලිං ප්‍රාන්තයේ පිහිටි නගර දෙකක් කේන්ද්‍ර කර ගෙන කොරෝනා වෛරසය නැවතත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
The post චීනයේ ප්‍රාන්තයක නගර දෙකක් සම්පූර්ණයෙන්ම වසා දමයි appeared first on ITN News.
Post a Comment