ඇමෙරිකාවේ නව්‍ය කොරෝනා වෛරසෙයන් සිදුවූ මරණ ලක්ෂය ඉක්මවා තිබෙනවා.
මාස 4ක කාලයක් ඇතුළත එරට නව්‍ය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියනය ඉක්මවා තිබෙනවා. එම සංඛ්‍යාව ලොව පුරා ආසාදිතයින්ගෙන් 30%ක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
පසුගිය ජනවාරි 21 වනදා වොෂින්ටන් ප්‍රාන්තයෙන් පළමුවන නව්‍ය කොරෝනා ආසාදිතයා හමුවුණා. චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ නව්‍ය කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා මිලියන 5.6කට ආසාදනය වී ඇති අතර තුන්ලක්ෂ පනස් හතර දහස් නවසිය අසූතුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
The post ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.
Post a Comment