පොළොන්නරුව දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් නිෂ්පාදනය කළ තවත් සහල් කිලෝග්‍රෑම් ලක්‍ෂයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කෙරුණා.
මෙම සහල් කිලෝග්‍රෑම් ලක්‍ෂය රජයේ සහතික මිල යටතේ අලෙවි කිරීම සඳහා ලක් සතොසට භාර දීමටයි කටයුතු කෙරුණේ. එය සංකේතවත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා වෙත භාර දීම සිදුකෙරුණා. නාඩු සහල් කිලෝග්‍රෑම් ලක්‍ෂයක් මෙසේ වෙළෙඳපොළට නිකුත් කිරීමට පොළොන්නරුව දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් කටයුතු කළ අතර ඉදිරියේදී සහල් තොග මේ අයුරින් නිකුත් කිරීමට කටයුතු කරන බවයි මෝල් හිමියන් පවසන්නේ.
The post කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් නිෂ්පාදනය කළ තවත් සහල් කිලෝග්‍රෑම් ලක්‍ෂයක් වෙළෙඳපොළට appeared first on ITN News.
Post a Comment