ඔඩිසා ප්‍රාන්තයට සහ බටහිර බෙංගාලයට අධික වැසි ලැබීමට පටන් ගෙන තිබෙනවා.
අම්ෆන් සුළිකුණාටුව පැමිණීමට පැය කිහිපයක් තිබියදී මෙසේ අධික වැසි ලැබීමට පටන් ගෙන ඇත්තේ.
අම්ෆන් සුළි කුණාටුව ඔඩීසා ප්‍රාන්තයට සහ බටහිර බෙංගාලයට අද පස්වරුවේ ඇතුළු වීමටයි නියමිතව තිබුණේ. ඊට පෙර සූදානමක් ලෙස ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. එහෙත් ඉන්දීය බලධාරීන් මුහුණදී ඇති ප්‍රභලම ගැටලුව වන්නේ රජයේ ආයතන පාසල් ගොඩනැගිලි ආදිය මේ වන විටත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන තිබීමයි.
ඒ හේතුවෙන් එම ස්ථානවලට අවතැන් වූවන් යොමුකළ නොහැකි බැවින් ගැටලුව බරපතල වී තිබෙනවා. ආපදා තත්ත්වය හමුවේ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාහැකි බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.
The post ඔඩිසා ප්‍රාන්තයට සහ බටහිර බෙංගාලයට අධික වැසි appeared first on ITN News.
Post a Comment