හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 18 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කළ කාලයේ රුපියල් කෝටි 30 කට අධික මුදල් හා වත්කම් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා කරමින් සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩුව ගොනුකළේ නීතිපතිවරයායි. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම නඩුව අද කැදවනු ලැබුවා. ලබන 18 වනදාට සාක්ෂි ලබාදීම සදහා සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට ද නියෝගයක් නිකුත් කෙරුණා.
The post වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන 18 appeared first on ITN News.
Post a Comment