බ්‍රසීලයේ කැරළි මර්දන පොලීසිය හා විපක්ෂ ආධාරකරුවන් අතර දරුණු ගැටුම් හටගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
සාවෝ පෝලෝ නගරයේ මේ වනවිටත් දරුණු ගැටුම් පවතින බවයි වාර්තා වන්නේ. උද්ඝෝෂකයින් මර්දනය කිරීම සදහා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කරන අයුරු දක්නට ලැබුණා. පොලිසියේ රාජකාරි කටයුතු සදහා ජනාධිපති ජර් බොල්සනාරෝගේ අතපෙවීම් සහ ඔහුගේ ආධාරකරුවන් සමාජ මාධ්‍ය හරහා රැගෙන යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන ලෙස එරට අධිකරණය පසුගිය සතියේ දී නියෝගයක් ලබාදුන්නා. එයට විරුද්ධව බොල්සනාරෝ ද ඔහුට පක්ෂපාතී විරෝධතාකරුවන් පිරිසක් සමග උද්ඝෝෂණයේ නිරත වනවා. ජනාධිපතිවරයාට පක්ෂපාතී පිරිස් හා විපක්ෂයේ ආධාරකරුවන් අතර ගැටුම් පාලනය කිරීමට එරට පොලීසිය මහත් පරිශ්‍රමයක් දරණ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
The post බ්‍රසීලයේ කැරළි මර්දන පොලීසිය හා විපක්ෂ ආධාරකරුවන් අතර ගැටුම් appeared first on ITN News.
Post a Comment