ඇමෙරිකාවේ උද්ඝෝෂකයින් හා පොලීසිය අතර පවතින ගැටුම් උග්‍ර අතට හැරී තිබෙනවා.
මේ අතර ගැටුම් මධ්‍යයේ නිව්යෝර්ක් පොලීසියට අයත් රථවාහන දෙකක් උද්ඝෝෂකයින් වෙත ධාවනය කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල පළකර තිබුණා. උද්ඝෝෂකයින් පසුකරමින් මීටර් කිහිපයක් ඔවුන් රථ ධාවනය කරන අයුරු මෙහිදී දක්නට ලැබුණා. එම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භකර ඇති බවයි නගරාධිපතිවරයා සඳහන් කරන්නේ.
මේ අතර මිනියාපොලිස් පොලිස් බල ප්‍රදේශයේ උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි පිරිසක් වෙත බවුසර් රථයක් ධාවනය කරන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. සිද්ධියෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.
The post ඇමෙරිකාවේ උද්ඝෝෂකයින් හා පොලීසිය අතර ගැටුම් උග්‍ර අතට appeared first on ITN News.
Post a Comment