Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොකා කෝලා සමාගමෙන් බියගම සමෘද්ධිලාභී ජනතාවට ආධාර බෙදා දීමේ වැඩසටහනක්  

Add comments

කොකා කෝලා සමාගම බියගම ප්‍රදේශයේ සමෘද්ධිලාභී ජනතාවට වියළි ආහාර, සනීපාරක්‍ෂක උපකරණ හා ප්‍රථමාධාර කට්ටල ප්‍රදානය කළා.

කොරෝනා ව්‍යසනය හමුවේ අපහසුතාවට පත්ව සිටින සමෘද්ධිලාභීන්ට සහන සැලසීමටයි කොකා කෝලා සමාගම කටයුතු කළේ. බියගම ප්‍රදේශයේ සමෘද්ධිලාභීන්ට ආධාර බෙදා දීමේ වැඩසටහනට ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ ගම්පහ ශාඛාව ද එක්වුණා. කොකා කෝලා බෙවරේජස් සමාගම රුපියල් මිලියන 30 කට අධික මුදලක් අදියර 3 ක් යටතේ මේ සදහා ලබා දීමට කටයුතු කර තිබෙනවා. කොළඹ, කලුතර, ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්වල අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමේ පළමු අදියරයි බියගම දී ක්‍රියාත්මක කෙරුණේ. සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ පන්කාජ් සිංහා,සහකාර කළමනාකරු හේමන්ත බාලසූරිය යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

The post කොකා කෝලා සමාගමෙන් බියගම සමෘද්ධිලාභී ජනතාවට ආධාර බෙදා දීමේ වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG