යාල ජාතික වනෝද්‍යානය තුල වනජීවී නිලධාරීන් සහ ජාවාරම්කරුවන් පිරිසක් අතර ගැටුමකින් එක් සැකකරුවකු තුවාල ලබා තිබෙනවා. ඔහු හම්බන්තොට රෝහලකට ඇතුලත් කර සිටිනවා.
යාල කලාප අංක 02 උඩපොත්තන ප්‍රදේශයේ ගංජා වගා කිරීම සඳහා වනාන්තර හෙළි පෙහෙලි කරමින් සිටි තුන් දෙනෙකු සහ ඔවුන් සතු ගිනිඅවි දෙකක් අත්අඩංගුවට ගැනීමට වනජීවී නීලධාරීන් කටයුතු කර තිබෙනවා. යාල ජාතික වනෝද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න මහතාගේ මෙහෙයවීමෙනුයි වැටලීම සිදු කෙරුණේ. සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවි සඳහා භාවිත කරන ඊයම් බෝල හා ගංජා ග්‍රෑම් 200 ක් ද, වෙඩි බෙහෙත් ආදිය සොයාගත් බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
The post වනජීවී නිලධාරීන් සහ ජාවාරම්කරුවන් පිරිසක් අතර ගැටුමකින් සැකකරුවකු තුවාල ලබයි appeared first on ITN News.
Post a Comment