කෙරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම පිණිස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට යොදාගත හැකි නව රොබෝ යන්ත්‍රයක් සිසුන් පිරිසක් එක්ව නිර්මාණය කර තිබෙනවා.
හබරාදූව ප්‍රදේශයේ පදිංචි සිසුන් 4 දෙනෙකු එක්වයි මෙම නව රොබෝ යන්ත්‍රය නිපදවා ඇත්තේ. මොරටුව ජාතික තාක්‍ෂණික ආයතනයේ ඉගෙනුම ලබන ගයාන් සමරදිවාකර, අෂාන් ප්‍රබුද්ධ, ලබුදූව උසස් තාක්‍ෂණ ආයතනයේ අවිෂ්ක එෂාන් හා ජර්මන් තාක්‍ෂණික ආයතනයේ චින්තක වේවැල්වල යන සිසුන් එක්ව මෙය නිපදවා තිබෙනවා. ඔවුන්ට මෙම රොබෝ යන්ත්‍රය නිපදවීමට මාසයක කාලයක් ගතවී තිබෙනවා. මෙම යන්ත්‍රය කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම පසුගියදා සිදුකෙරුණා. රෝගීන් 4 දෙනෙකුට එකවර පහසුකම් සැලසිය හැකි නව යන්ත්‍රයට විෂබීජහරණය කිරීමේ හැකියාව ද පවතිනවා.
The post කෙරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගත හැකි රොබෝ යන්ත්‍රයක් appeared first on ITN News.
Post a Comment