ඌව පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ අභාවප්‍රාප්ත මාර්ෂල් පෙරේරා මහතාගේ දේහය බදුල්ල රත්වත්ත මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා මිය යන විට 89 වන වියෙහි පසු වුණා. ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ආණ්ඩුකාරවරයා ලෙස ඒ මහතා කටයුතු කළා. ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාව නිරෝධායන නීතිවලට ගරු කරමින් ක්‍රියා කරන ආකාරය දැක ගත හැකියි.
දේහය පිළිබද අවසන් කටයුතු බදුල්ල වීල්ස් පාර්ක් ක්‍රීඩාංගනයේදී හෙට (03) සිදු කිරීමට නියමිතයි.
The post අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට appeared first on ITN News.

Post a Comment