Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස්  

Add comments

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා.

එය අප්‍රේල් මස පළමු වනදා සිට කි‍්‍රයාත්මක බවයි කාර්මික අපනයන ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ.

මෙරටට සංචාරකයන් රැගෙන ඒම සඳහා සුවිශේෂී කාර්ය භාර්යක් ඉටුකරන මෙවැනි සංචාරක නියෝජිතයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිවී සිටිනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් බිඳවැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීම සඳහා ඉදිරියේදී තවත් පියවර රැසක් ගන්නා බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.

 

The post සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG