Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ වනාන්තර තුළ ලැව් ගිනි 140ක්  

Add comments

රුසියාවේ වනාන්තර තුළ ලැව් ගිනි 140 ක් පමණ හටගෙන ඇති බව එරට වනාන්තර ආරක්ෂා කිරීමේ සේවය නිවේදනය කරනවා.

නැගෙනහිර රුසියාවේ සහ සර්බියාවේයි මෙම ලැව් ගිනි හටගෙන ඇත්තේ. මේ වන විටත් හෙක්ටයාර හැටඅට දහසකට ආසන්න වන බිම් ප්‍රමාණයක් ලැව් ගිනි හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා.

ලැව් ගිනි මැඩපැවැත්වීම සදහා විශේෂඥයින් 3500 කගෙන් සමන්විත ගිනි නිවීමේ ඒකක 500 ක් පමණ අනුයුක්ත කර ඇති බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.

අධික උෂ්ණත්වය හා සුළං හේතුවෙන් ලැව් ගිනි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ගිනි නිවීමේ ඒකක සදහන් කරනවා.

 

 

 

The post රුසියාවේ වනාන්තර තුළ ලැව් ගිනි 140ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG