මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගේ වෘත්තීය ගැටලු විසදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්ව සිටිනවා.
ඒ අනුව අදාළ පාර්ශ්ව වල නියෝජිතයින් අරලියගහ මන්දිරය වෙත අද (28) පෙරවරුවේ කැදවා තිබුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද මෙම සාකච්ඡාව සදහා පැමිණෙන ආකාරයයි දැකගත හැකිවුණේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලුවලට විසදුම් ලබාදීමේ මෙම සාකච්ඡාව මේ වනවිටත් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. සාකච්ඡාවෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වනු ඇති බවටයි විශ්වාසය පළකෙරෙන්නේ.
The post PHIලාගේ ප්‍රශ්න විසදන්න අගමැති මහින්ද මැදිහත් වෙයි appeared first on ITN News.
Post a Comment