මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා හතටම වැරදිකරු බවට එරට අධිකරණය තීරණය කර තිබෙනවා.
2018 වසරේ පැවති මහ මැතිවරණයෙන් හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් පරාජයට පත්වීමෙන් පසු ඔහුට විරුද්ධව නඩු පවරනු ලැබුවා. ඒ සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම , මුදල් විශුද්ධිකරණය හා බලය අයුතු ලෙස භාවිත කිරීම යන චෝදනා යටතේයි. මැලේසියා සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය දායකත්වය දැක්වූ වන් එම් ඩී බී ආයතනයට අයත් ඩොලර් බිලියන 4. 5 ක් වංචා කළ බවටයි ඔහුට එල්ලවන මූලික චෝදනාව වන්නේ. ඉන් ඩොලර් බිලියනයක් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමේ තිබී එරට අපරාධ විමර්ශන අංශය සොයා ගනු ලැබුවා.
The post මැලේසියාවේ හිටපු අගමැති අධිකරණයේදී වැරදිකරුවෙක් වෙයි appeared first on ITN News.
Post a Comment