මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයක නිධන් හාරමින් සිටි 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල දිසා දූෂණ මර්දන අංශය කටයුතු කළා.
අදාළ හෝටලයේ හිමිකාරිය , ඇගේ සැමියා ඇතුලු 4 දෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගැනුණේ. හෝටලයේ පිටුපස කොටසේ අඩි 20 ක් පමණ ගැඹුරට කැණීම් සිදුකර තිබෙනවා. කැණීම් උපකරණ , පුපුරණ ද්‍රව්‍ය , ජල පොම්ප ඇතුලු භාණ්ඩ ද මෙහිදී සොයා ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් සබරගමුව පළාත් පුරා විද්‍යා සහකාර කොමසාරිස්වරයා දැනුවත් කිරීමට කටයුතු කෙරුණු අතර මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post මාවනැල්ල හෝටලයක නිධන් හාරමින් සිටි 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment