Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ හුවායි ගංගාව උතුරා යාමේ අවදානමක්  

Add comments

නැගෙනහිර චීනයේ ඇදවැටෙමින් තිබෙන මහ වැසි සමග හුවායි ගංගාව උතුරා යාමේ අවදානමක් මතුව තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළදී චීනයේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි ඇදවැටුණා. අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු දිග චීනයේ පුද්ගලයින් 14 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ. නායයාමේ අවදානම් නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් උන්හිටි තැන්වලින් ඉවත් කිරීමට චීන බලධාරීන් කටයුතු කළා. කිලෝමීටර් 1,100 ක් දිගින් යුතු හුවායි ගංගාව චීනයේ ෂින්යෑන්, ෆූ යෑන්, හුවායි නෑන් ඇතුළු ප්‍රධාන පෙළේ නගර රැසක් පසුකරමින් ඇදෙනවා. මේ හේතුවෙන් ගංගාව පිටාර ගැලුවහොත් විශාල දේපොළ හා ජීවිත හානියක් සිදුවිය හැකි බවයි කාලගුණ අංශ පවසන්නේ.

 

 

 

The post චීනයේ හුවායි ගංගාව උතුරා යාමේ අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG