Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික වර්ෂාව නිසා ඉන්දියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම්  

Add comments

ඉන්දියාවේ නගර කිහිපයකට ඇදවැටෙමින් තිබෙන අධික වර්ෂාව නිසා ජන ජීවිතයට දැඩි බලපෑම් ඇතිවී තිබෙනවා.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයෙකුට දිවි අහිමි වුණා. ඉදිරි දින තුන තුළ නවදිල්ලිය ඇතුළු නගර කිහිපයකට දැඩි වැසි ඇතිවන බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර ඊසාදිග ඉන්දියාවේ ඇතිවී තිබෙන මෝසම් වැසි නිසා මිලියනයකට වැඩි ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් තිබෙනවා. ඇසෑම් ප්‍රාන්තයේ දිළිදු ජනතාව මේ හේතුවෙන් දැඩි අවදානමකට මුහුණදී සිටිනවා. බ්‍රහ්ම පුත්‍ර ගංගාව පිටාර මට්ටමට පැමිණ ඇති අතර ගම්මාන රැසක් යටවීමේ අවදානමක පවතිනවා.

 

 

 

The post අධික වර්ෂාව නිසා ඉන්දියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG