Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින්, අයිස් හා ගංජා සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින්, අයිස් හා ගංජා සමඟ සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ පොලිස්වසමේ දික්පිටිගොඩ කැලණිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ක් හා ගංජා කිලෝග්‍රෑම් 6 යි ග්‍රෑම් 360 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයයි වැටලීම සිදුකළේ.

මේ අතර පිටකොටුව ගෑස්පහ හංදියේදීද හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 110 ක් සමග 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැණුනා. කොලොන්නාව බාලිකා විද්‍යාලය අසලදී තවත් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 25 ක් සමඟ අත්අඩංගුවට ගැණුනේ කොළඹ අපරාධ කොට්ඨාසයකට ලැබුණ තොරතුරකට අනුවයි.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 430 ක් සමඟ රත්මලාන ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණයෙකු ගල්කිස්ස පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

The post හෙරොයින්, අයිස් හා ගංජා සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG