වව්නියාව වේලාන්කුලම් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 165 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා.
දින 14 ක සාර්ථක නිරෝධායනය අවසන් කළ මෙම පිරිස නිවෙස් බලා පිටව ගියේ ආරක්ෂක අංශවල සහාය මතයි. වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ඉන්ද්‍රජිත් වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරුණා. ඩුබායි සිට මෙරටට පැමිණි මෙම පිරිස ගාල්ල, කොළඹ, අනුරාධපුරය, කළුතර හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
The post නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත appeared first on ITN News.
Post a Comment