මුම්බායි නගරයේ පැල්පත් වාසීන්ගේ 57%කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මුම්බායි සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
ඒ හේතුවෙන් නව ආසාදිත පොකුරු ඇතිවිය හැකි බවයි ඔවුන් අනතුරු අඟවන්නේ. ඊයේ දිනයේදී එරටින් ආසාදිතයින් 52,249 ක් හමුවීමත් සමගම සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 16කට ආසන්න වනවා. එසේ වුවද ඊයේ වාර්තා වූ කොරෝන මරණ 779 ත් සමඟ ඉන්දියාවේ සමස්ථ මරණ සංඛ්‍යාව තිස්පන්දහස ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද එරට ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගියද වෛරසය පාලනය කර ගැනීමට ඉන්දියාවට හැකියාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
The post මුම්බායි පැල්පත්වාසීන්ගෙන් 57%කටම කොරෝනා appeared first on ITN News.
Post a Comment