වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. ඒ කුලියාපිටිය පැවති ජන හමුවකට සහභාගී වෙමින්.
දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරි පද්ධති ප්‍රතිසංස්කරණය නොවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදිනවල චාරිකා කළ සියලු දිස්ත්‍රික්වලදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රධාන ගැටලුවක්. කෘෂි කර්මාන්තයට හා ජන ජීවිතයට එමගින් එල්ලවී ඇත්තේ හානිකර බලපෑමක්. ඊට විසදුමක් ලෙස විධිමත් හා නිසි ප්‍රමිතිගත සැලසුමක් අනුව සියලු වැව් ප්‍රතිංස්කරණය කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළා. ඒ කුලියාපිටිය සමූපාකාර ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවට සහභාගී වෙමින්. පොදුජන පෙරමුනෙන් මෙවර මහ මැතිවරණය තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා එය සංවිධාන කර තිබුණේ අපේක්ෂක සමන්ප්‍රිය හේරත් මහතායි.
අපේක්ෂක සෝමසිරි ගුණසේකර මහතා බිංගිරිය දුම්මලසූරිය නෙරළුගම ක්‍රිඩාංගනයේ සංවිධාන කර තිබු ජන හමුවට ද ජනාධිපතිතුමා එක්වුණා. රැස්ව සිටි ජනතාව සමඟ සුහද කතාබහක නිරතවූ ජනාධිපතිතුමාට මැටි කර්මාන්තය ආශ්‍රිත ස්වයං රැකියාවල නිරත පිරිස් තමන් මුහුණ පා සිටින ගැටලු දැනුම් දුන්නා. ඔවුනට නිදහසේ තම ජීවනෝපාය කරගෙන යාමට ඉඩ දෙන ලෙසයි ජනාධිපතිතුමා එම අවස්ථාවේදීම පොලිසියට නියෝග කළේ.
අපේක්ෂක අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටුගම්පොල පන්නල මහජන ක්‍රිඩාංගනයේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිතුමා සහභාගී වුයේ ඉන් අනතුරුවයි. වසර 150ක් පැරණි පන්නල ජාතික පාසලට ගොඩනැගිල්ලක් හා පිහිණුම් තටාකයක් ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී කියා සිටියා.පිත්තල හා වෙනත් සාම්ප්‍රදායික කර්මාන්තවල නිරත පිරිස් ණය ඉල්ලුම් කිරීමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කිරීමටයි කටයුතු කෙරුණේ.
මත් උවදුර මර්දනය කරන්නැයි කළ ඉල්ලීම්වලට පිළිතුරු දුන් ජනාධිපතිතුමා කියා සිටියේ තම ප්‍රදේශවල මත් ජාවාරම් පිළිබඳ තොරතුරු නිර්ණාමිකව ජනාධිපති කාර්යාලයට දැනුම් දෙන ලෙසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනපති කියයි appeared first on ITN News.
Post a Comment