වගකීමක් භාර දිය හැකි ශක්තිමත් නායකයින් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එය ජනතා වගකීම බවයි නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමු කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
නුවරඑළිය රාගල පැවති ජන හමුවට සහභාගිවීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී සාරිපුත්තාරාම රේවත පිරිවෙන වෙත ගොස් පරිවේනාධිපති පූජ්‍ය පිටිගල වජිර ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. අනතුරුව රාගල ශ්‍රී කදිරවේලායුදම් ස්වාමි දේවාලයට ගිය අග්‍රාමාත්‍යවරයා හින්දු ආගමික වතාවත්වලට සහභාගි වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්‍ෂයන්ගේ ජය තහවුරු කිරීම සඳහා නුවරඑළිය රාගල ප්‍රදේශයේ පැවති ජන හමුවට අග්‍රාමාත්‍යවරයා එක්වූයේ ඉන් අනතුරුවයි. හිටපු අමාත්‍ය සීබී රත්නායක මහතා ඇතුළු පිරිසක් එම ජන හමුවට සහභාගි වුණා. විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා බිහිකිරීම නුදුරේදීම පිහිටුවන පොදුජන පෙරමුණු ආණ්ඩුවේ වගකීම බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
මේ අතර නුවරඑළිය සිනෙසිටා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුවට ද අග්‍රාමාත්‍යවරයා සහභාගි වුණා. පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් සහ ජීවන් තොන්ඩමන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවිජනතාව යොමුකරවන වැඩපිළිවෙළක් සකස් කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියාසිටියේ.
නුවරඑළියේ පැවති තරුණ සමුළුවට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ ජාති ආගම් කුල බේදයකින් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා තරුණ පිරිස් එක්ව සිටින බවයි. තරුණයන් වෙනුවෙන් වැඩිම වැඩකොටසක් කළ ආණ්ඩුවක් ලෙස තමන් බලයට ආ සෑම අවස්ථාවකදීම රැකියා ප්‍රශ්නයට විසදුම් ලබාදුන් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්වුණා.
The post වගකීමක් භාරගන්න පුළුවන් අය පාර්ලිමේන්තුවට එවන වගකීම ඇත්තේ ජනතාව අතේ appeared first on ITN News.
Post a Comment