ඇතුගල්පුර නමින් ප්‍රකට කුරුණෑගලට ආවේණික වූ කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා දිස්ත්‍රික්කයේ සියලු වැව් හා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පැවති ජන හමුවලට සහභාගි වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ සිව්වන රාජධානිය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සශ්‍රීකත්වය මත පදනම් වූ පූර්ණ සංවර්ධනයක් සඳහා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සැළැස්මට ද ජනාධිපතිතුමා සිය පූර්ණ සහාය පළකළා. කුරුණෑගල හිරියාල මැල්සිරිපුර නගර මධ්‍යයේ පැවති ජන හමුවට ජනාධිපතිතුමා සහභාගි වුණා. අපේක්‍ෂක යූ කේ සුමිත් මහතායි ජන හමුව සංවිධාන කර තිබුණේ. හිරියාල සංවර්ධන ඉදිරි දැක්ම ජනාධිපතිතුමා වෙත පිරිනැමීම ද මෙහිදී සිදුකෙරුණා. නාමල්අංග විද්‍යාලයේ ක්‍රීඩාංගනයත් යා කරමින් ගුවන් පාලමක් ඉදිකරන ලෙස කළ ඉල්ලීම පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමුවුණා. හිරියාල ආයුර්වේද රෝහලක් ඉදිකරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා ඒ පිළිබඳ අධ්‍යයනය කර වාර්තා කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නා.
කුරුණෑගල සත්‍යවාදී පිටියේ පැවති ජන හමුවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එක්වුණා. අපේක්‍ෂක ජයරත්න හේරත් මහතා සංවිධාන කර තිබූ ජන හමුවට විශාල පිරිසක් එක්ව සිටියා. කුරුණෑගල නගරයට අංග සම්පූර්ණ ගෘහස්ථ දැල් පන්දු ක්‍රීඩාංගනයක අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිතුමා වෙත පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට එක්ව සිටි ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායිකා තර්ජිනී ශිවලිංගම් මෙනවිය සමග ද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වුණා.
ප්‍රදේශයේ පානීය ජල ගැටලු ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. උපාධිධාරී රැකියා පත්වීම් මැතිවරණයෙන් පසු සිදු කරන බවයි ජනාධිපතිතුමා කියාසිටියේ. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.
The post ඇතුගල්පුර වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරන්න ජනපති සූදානමින් appeared first on ITN News.
Post a Comment