ඉරානය ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
හෝමස් සමුද්‍ර සන්ධියේ නැංගුරම් ලා තිබූ ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකා අනුරුවකටයි ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ.
ඉරානය සිදුකළ මිසයිල අත්හදා බැලීමක් අතරතුරදී මෙම අනතුර සිදු වූ බව ඉරානය පවසනවා. ඉරානය සහ ඇමෙරිකාව අතර ගල්ෆ් මුහුදු කලාපය සම්බන්ධයෙන් දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති මොහොතක සිදු වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ දැඩි අවධානය යොමුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
The post ඉරානයෙන් ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට මිසයිල ප්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment