Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ගිණුමෙන් ආයෝජකයෙකුට මුදල් මුදා හරින්නැයි නියෝගක්  

Add comments

මහ බැංකු බැදුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ තත්කාලීන දඩගෙවීම් පද්ධති ගිණුමෙන් රුපියල් පහළොස් ලක්ෂ දහඅටදහසක මුදලක් එම සමාගමේ මුදල් ආයෝජනය කළ කාන්තාවක වෙත මුදා හරින්නැයි අධිකරණය නියෝග කළා.

අදාළ සමාගමේ මුදල් ආයෝජනය කළ ස්ටෙලා අයිරාංගනී දිසානායක මහත්මිය සිය නීතිඥයන් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් අදාළ සමාගමේ සිදුකළ ආයෝජන වෙනුවෙන් රුපියල් පහළොස් ලක්ෂ අටදහසක මුදලක් ලාභාංශ ලෙස ලැබීමට තිබෙන බව සඳහන් කළා. ඒ අනුව පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ බැංකු ගිණුම්වලින් තමන්ට හිමිවිය යුතු එම මුදල මුදාහරින ලෙස මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඇගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙහිදී පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ ආයෝජිකාව ආයෝජනය කළ මුදල් කල් පිරී ඇත්නම් එය මුදා හැරීම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධයක් නොමැති බවයි. ඒ අනුව ඉල්ලුම්කාරිය ඉල්ලා සිටින මුදල පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ තත්කාලීන දඩ ගෙවීම් පද්ධති ගිණුමෙන් මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මහ බැංකු අධිපතිවරයාට නියෝග කළා.

 

The post පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ගිණුමෙන් ආයෝජකයෙකුට මුදල් මුදා හරින්නැයි නියෝගක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG