Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්  

Add comments

බුවනෙක ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලබාසිටින පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය පෙත්සමක් ඉදිරිපත්කර තිබෙනවා.

කුරුණෑගල බුවනෙක රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට චෝදනා එල්ලවී තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම ගොනුකර තිබෙන්නේ ජාතික ජනබලවේගය පක්ෂයේ අපේක්ෂකයෙකු වන නාමල් කරුණාරත්න මහතායි. රාජසභා ගොඩනැගිල්ල පුරාවිද්‍යා පනත යටතේ පුරාවිදයා වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබූ බව පෙත්සම්කරු පෙන්වා දෙනවා.

එය කඩා ඉවත් කිරීම තුළින් පුරාවිද්‍යා පනත යටතේ වරදක් සිදුවී ඇති බවද එම පෙත්සමේ සදහන්. මේ සම්බන්ධයෙන් පසුගිය 23 වනදා කුරුණෑගල මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් සිදුකළ ද මේ දක්වා විධිමත් පරීක්ෂණයක් පවත්වා නැති බවද පෙත්සම්කරු පවසනවා.

 

 

 

 

The post කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG