ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මේ වන විට සියයට 95 කින් පමණ අවසන් වී තිබෙනවා.
මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සියයට 95 කින් පමණ මේ වන විට අවසන් බවයි තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
එමෙන්ම මෙම බෙදා හැරීම් හෙට (28) දිනය වන විට අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
හෙට (28) දිනයෙන් පසුව ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබුණේ නැති පුද්ගලයන් සිටී නම් ඔවුන්ට තමන් පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මේ අතර රාජාංගණය ප්‍රදේශයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (28) සිට සිදු කෙරෙනවා.
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙම ප්‍රදේශයේ ඡන්ද කටයුතු පවත්වාගෙන යාමට බාධා මතු වුණා.
“]The post ඡන්ද පත්‍රිකා බෙදා හැරීම හෙටින් අවසන් appeared first on ITN News.
Post a Comment