Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රවී CID යෙන් හොර පාරෙන්ම යද්දී ගම්මන්පිළගෙන් CID යට පැමිණිල්ලක්  

Add comments

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද කැඳවා තිබුණා. මේ අතර හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා එම දෙපාර්තමේන්තුවට පැමිණියා.

රවි කරුණානායක මහතාට අද දිනයේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ද පසුගියදා නියෝග කළා. මහ බැංකු බැදුම්කර සිද්ධියේ දෙවන සැකකරු වන රවී කරුණානායක මහතාට විමර්ශනවලට සහාය වන ලෙස අධිකරණය දන්වා තිබුණා. එහෙත් පොලිසිය දැනුම් දුන් දින ගණනාවකදීම, මැතිවරණය හේතුවක් කර ගනිමින් ඔහු පැමිණියේ නැති බව අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය එදින පෙන්වා දුන්නා. එහිදී අධිකරණය නියෝග කළේ ඔහුට අද දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි. ඒ අනුවයි ඔහු අද දින එම දෙපර්තමේන්තුවට පැමිණියේ. මාධ්‍ය මග හරමින් විකල්ප මාර්ගයකින් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි රවී කරුණානායක මහතා ඒ අයුරින්ම පිටව ගොස් තිබුණා.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියා. ඒ සිය දේශපාලන කටයුතුවලට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබද පැමිණිලි කිරීම සදහායි.

 

The post රවී CID යෙන් හොර පාරෙන්ම යද්දී ගම්මන්පිළගෙන් CID යට පැමිණිල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG