Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාකච්ඡා සාර්ථකයි – PHI හෙට සිට වැඩ  

Add comments

දින 11 ක් පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට උදෑසන 7.30 සිට අවසන් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළඹුණු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟ මෙම සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. සෞඛ්‍ය අමාත්‍යවරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නි‍යෝජිතයන්ද එම සාකච්ඡාවට එක්ව සිටියා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව නඩු පැවරීමකදී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා සිදු කිරීමටත් දෙපාර්ශ්වය අතර පරස්පරතාවක් ඇතිවුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙහිදී එකඟ වී තිබෙනවා.

 

The post සාකච්ඡා සාර්ථකයි – PHI හෙට සිට වැඩ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG