අනුරාධපුර දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය හරස් මාර්ගය අසළ දී යාචකයෙකුට කාන්තාවක කළ පහරදීමකින් යාචකයා එම ස්ථානයේදීම මියගියා.
හැට දෙහැවිරිදි මෙම යාචකයාට සෙරෙප්පුවකින් පහරදී ඇත්තේ විසි හැවිරිදි තරුණියක්. යාචකයා මදුරංකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මියගිය යාචකයා බීමතින් පැමිණ මෙම තරුණිය සමග ඇතිකරගත් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර තිබෙනවා. පහරදීම සිදුකළ අවස්ථාවේදීම යාචකයා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අදාළ කාන්තාව තලාව ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක්. ඇය මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන බවයි වාර්තා වන්නේ.
The post කාන්තාවක කළ පහරදීමකින් යාචකයෙකුට එම ස්ථානයේදීම මිය යයි appeared first on ITN News.
Post a Comment