Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායන ඇඳිරිනීතිය කඩ කළ 46 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

අතර ගත වූ පැය 24 ට නිරෝධායන ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

ගම්පහ, කොළඹ, කලුතර හා කුරුණෑගල දිස්ත්‍රික්වල පොලිස් බල ප්‍රදේශ 64 ක නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ඇදිරිනීතිය පැන වූ දිනයේ සිට මේ දක්වා එය කඩ කළ පුද්ගලයන් එක්දහස් එකසිය විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර වාහන 7 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඇදිරිනීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලු පොලිස්ථාන දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඊයේ උදෑසන අටේ සිට රාත්‍රී 10 දක්වා වෙළෙදසල් විවෘත කර තැබීමට අවසර ලබා දුන්නා. එහෙත් එහිදී වැඩි පිරිසක් පුද්ගල දුරස්ථභාවය කඩ කරමින් කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

The post නිරෝධායන ඇඳිරිනීතිය කඩ කළ 46 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG