හිස් කාබන් පෑන් බට හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ ප්‍රථම බහාලුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වුණා. භාවිතයෙන් ඉවත් කෙරෙන හිස් කාබන් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කිරීම නිමිත්තෙනුයි මෙය පිළිගැන්වුණේ.
ප්‍රථම බහාලුම ජනාධිපතිතුමා වෙත පිළිගැන් වුයේ අමාත්‍ය මහින්ද අමරවීර මහතායි. දිනකට පාසල් පද්ධතියෙන් කාබන් පෑන් බට කිලෝ 80 ක් පමණ ඉවත් කෙරෙන අතර වසරකට එය කිලෝ 29000 ඉක්මවන බවට ගණන් බලා තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් බැහැර කෙරෙන ප්‍රමාණය මෙතක් ගණන් බලා නැහැ.
ඉවතලන පෑන් බට සහ දත් බුරුසු දිරාපත් වීමට වසර 100- 500 ත් අතර කාලයක් ගත වන බවටයි පරිසරවේදන් පෙන්වා දෙන්නේ. සෑම පාසලකටම විශේෂ බහාලුම් සැපයීමටද සැළසුම් කර තිබෙනවා. වෙකස් ඉන්ඩස්ට්‍රීස් ප්ලාස්ටික් ආයතනය ඒවා මිලදී ගැනීමට ඉදිරිපත්ව සිටිනවා.
The post හිස් කාබන් පෑන් බට හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ ප්‍රථම බහාලුම ජනපතිට පිළිගැන්වෙයි appeared first on ITN News.
Post a Comment