අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් සදහා රැකියා ලක්‍ෂයක් ලබා දීමේ වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රදේශ රැසකදී නව පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා.
අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් සදහා රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ තරුණ තරුණියන් 100 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය වව්නියාව සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ (26) පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් දිලීපන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් 125 ක තරුණ තරුණියන්ට පත්වීම් ප්‍රදානය මැදිරිගිරිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී ඊයේ (26) සිදුකෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදේශයේ උග්‍ර ආර්ථික දුෂ්කරතා ඇති පවුල් අතරින් මෙම පත්වීම් ලාභීන් තෝරා ගැනීම සිදුකෙරුණා.
මහනුවර පූජාපිටිය ප්‍රදේශයේදී ද තරුණ තරුණියන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමක් සිදුවුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පූජාපිටිය සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචිකරුවන් 600 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රථම අදියර යටතේ ලබා දෙන බවයි මෙහිදී සදහන් කෙරුණේ.
The post රැකියා ලක්‍ෂයක් ලබාදීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි appeared first on ITN News.
Post a Comment