Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා රාජ්‍ය ලේකම් පොම්පියෝ අද දිවයිනට  

Add comments

දෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද (27) දිවයිනට පැමිණීමට නියමිතයි.

සංචාරය අතරතුරදී ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපතිතුමා,  අග්‍රාමාත්‍යවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. දෙරට අතර පවතින බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ මෙරටට පැමිණෙන ඉහළම‍ පෙළේ ඇමෙරිකා රාජ්‍ය නිලධාරියා වන්නේ මොහුයි.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ලබන 28 වනදා තෙක් දිවයිනේ රැදී සිටීමට නියමිතයි. ඔහුගේ කාර්යමණ්ඩල සාමාජිකයන් හා ආරක්ෂක භටයින් රැගත් ගුවන් යානා දෙකක් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දෙදින තුලදී දිවයිනට පැමිණියා. රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමටයි ඔවුන් මෙලෙස පැමිණ ඇත්තේ.

රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියට අනුකූලව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ.

මේ අතර ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඔහුගේ ආසියානු සංචාරය ආරම්භ කරමින් ඊයේ (26) නවදිල්ලියට පැමිණියා. ඇමෙරිකා එක්සත් ජනපදය සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන බවයි ඉන්දියාව සදහන් කළේ. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියො මහතාගේ ඉන්දීය සංචාරය අතරතුරදී මීට අදාළ එකඟතාව ඇති වුණා. ආරක්ෂක අංශවලට වැදගත් චන්ද්‍රිකා දත්ත හුවමාරු කරගැනීම ඇතුළු අංශ කිහිපයක් මෙම ගිවිසුම යටතේ ආවරණ කිරීමට නියමිතයි. ඉන්දීය සහ  ඇමෙරිකානු ඉහළ පෙළේ නියොජිතයන් අතර නවදිල්ලි නුවරදී ඊයේ සාකච්ඡා පැවැත්වුණා.

කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන්  මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර හිමාල දේශසීමාව ආසන්නයේ චීන හමුදා කටයුතු සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත්තා.දකුණු චීන මුහුදු සීමාවේ පවතින තත්ත්නවය මෙන්ම හොං කොං හි නව ආරක්ෂක නීති සම්බන්ධයෙන් ද ඇමෙරිකා නියෝජිතයන් කරුණු සාකච්ඡා කළා. ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර භූ අවකාශ සහයෝගීතා ගිවිසුමක් අත්අසන් කිරීමට ඇමෙරිකා ආරක්ෂක ලේකම් මාර්ක් එස්ප සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර  පැවති සාකච්ඡාවේදී එකග වුණා.

 

The post ඇමෙරිකා රාජ්‍ය ලේකම් පොම්පියෝ අද දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG