Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආර්ථිකය හා පෝෂණය වැඩි දියුණු කර පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහනක් ළඟදීම ක්‍රියාත්මක කරන බව බැසිල් කියයි  

Add comments

ගෘහ ආර්ථිකය හා පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් ළගදීම ක්‍රියාත්මක කරන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්යා සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා.

ගෘහ ආර්ථිකය හා පෝෂණය වැඩිදියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහන සදහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම කඩිනමින් අවසන් කරන බවයි බැසිල් රාජපක්‍ෂ මහතා සදහන් කළේ. එම වැඩසටහනේ ප්‍රගතිය පිළිබද සොයා බැලීම සදහා අරලියගහ මන්දිරයේදී අද පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සදහන් කළා. මෙම වැඩසටහන යටතේ ගෙවතු වගාව මෙන්ම සත්ත්ව පාලනය, ජලජ ජීවී වගාව ඇතුලු ක්ෂේත්‍ර රැසක් හදුන්වා දීමට නියමිතයි. ප්‍රතිලාභීන් සදහා තාක්‍ෂණික උපදෙස් ලබා දීම ද සිදු කෙරෙනවා. ජනතාවගේ ජීවන වියදම පාලනය කර ගැනීමට මෙම ජාතික වැඩපිළිවෙළ උපකාර වන බවයි බැසිල් රාජපක්‍ෂ මහතා සදහන් කළේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන රැසක් එක්ව දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

 

 

The post ආර්ථිකය හා පෝෂණය වැඩි දියුණු කර පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහනක් ළඟදීම ක්‍රියාත්මක කරන බව බැසිල් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG