දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදියන් සංඛ්‍යාව 4939 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනට අලුතෙන් වාර්තා වී ඇති කොරොනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 541ක්.
අලුතින් හදුනාගත් කොරෝනා ආසාදිතයන් සියලු දෙනා දේශීයව හදුනාගත් පුද්ගලයන් බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 499 දෙනෙකු සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 42 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ දිනයේදී හදුනාගත්තා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 304 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 191 දෙනෙකු, කෑගල්ල, මහනුවර, බදුල්ල, පුත්තලම යන දිස්ත්‍රික්කවලින් එක් අයෙකු බැගින් කොවිඩ් ආසාදිතයින් හදුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදන කළේ. පවතින තත්ත්වය සමග සිය සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව නිරන්තර අවදියෙන් සිටිය යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
The post අද උදෑසන වන විට හඳුනාගෙන ඇති Covid ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 541 යි appeared first on ITN News.
Post a Comment