මෙරට ගංගා 103ක් මුල්කර ගනිමින් සුරකිමු ගංගා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
මෙරට ජනතාවගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කරන ගංගා පද්ධතිය ආශ්‍රිතව මේවන විට සිදුවන පරිසර දූෂණය වළක්වමින් සියලු ගංගාධාර සංරක්ෂණය මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවනවා. ශ්‍රී ලංකාවේ සමස්ථ ගංගා පද්ධතියෙන් 80% ක්ම අයත් වන්නේ වියළි කලාපයට එමෙන්ම කිලෝමීටර් 100 කට අධික දිගකින් යුත් ගංගා 16 ක් පවතිනවා.
දැනට සිදුකර ඇති ගණනය කිරීම් අනුව සමස්ථ ගංගා පද්ධතියෙන්ම මුහුදට ඇදීයන ජල ධාරාව කියුබික් ඝන මීටර් පනස් පන්දහස ඉක්මවනවා. කෙසේ වුවද මෙම ගංගා ආශ්‍රිතව දැවැන්ත පරිසර දූෂණයක් සිදුවෙමින් පවතිනවා. රුපියල් කෝටි 3200 ක වියදමින් සුරකිමු ගංගා වැඩසටහන ආරම්භ කෙරෙන්නේ ගංගා දූෂණය වළක්වමින් ජනතාවට වැඩි ප්‍රයෝජන ලබා ගැනීම සදහා ඉඩ සැලසීම අරමුණු කර ගනිමින්.
The post ”සුරකිමු ගංගා ව්‍යාපෘතිය” ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය appeared first on ITN News.
Post a Comment