Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොණරාගල බන්ධනාගාරයේ දී සිරකරුවෙකු මිය යාමේ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක්  

Add comments

මොණරාගල බන්ධනාගාරයේ දී සිරකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.

බන්ධනාගාර නිලධාරීන්ගේ පහර කෑමට ලක්වූ බව කියන රැදවියෙකු ඊයේ (03) සවස මොණරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. කළහකාරී ලෙස හැසිරුණු මෙම රැදවියා මෙල්ල කිරීමට යාමේදී තුවාල ලැබූ බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ.

අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු විවිධ වැරදි සම්බන්ධයෙන් කීප වරක්ම බන්ධනාගාරගත වූවෙකු බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ. මොහුගේ මරණය පිළිබදව බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සදහන් කරනවා.

 

 

 

The post මොණරාගල බන්ධනාගාරයේ දී සිරකරුවෙකු මිය යාමේ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG