Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා සමයේ සත්ත්ව ආහාර,නිෂ්පාදන, ඖෂධ ප්‍රවාහන ගැටළු විසදීමට සෘජු දුරකතන අංකයක්  

Add comments

දැනට රට තුල පවතින නිරෝධායන ඇදිරි නීතිය යටතේ සත්ත්ව ආහාර,සත්ත්ව නිෂපාදන ( කිරි,බිත්තර, මස් ) හා සත්ත්ව ඖෂධ ප්‍රවාහනයේදී ඇතිවන ගැටළු විසදීම සදහා පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ.

ඒ යටතේ 011-3423677 / 011-3423664 යන දුරකතන අංක ස්ථාපිත කර ඇත.

ඒ අනුව සත්ත්ව ආහාර,සත්ත්ව නිෂපාදන සහ සත්ත්ව ඖෂධ ප්‍රවාහනයට අදාල ඇදිරිනීති බලපත්‍ර ලබාගැනීමේ ගැටළු ඇතුලු සෙසු ගැටළු හා අභියෝග විසදීමට මැදිහත්කරුවෙකු ලෙස අමාත්‍යාංශය ක්‍රියාත්මක වේ.

උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා ගොවි මහතුන්ට මෙන්ම ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට ද මෙම සේවය ලබා ගත හැක.ක්ෂේත්‍රයේ නියුතු ගොවි මහතුන්ගේ, නිෂ්පාදකයින්ගේ හා ව්‍යවසායකයින්ගේ වැඩ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමත්, ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවය ගැටළුවකින් තොරව ඉ‍ටු කිරීමත් අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. දැනට නිරෝධායන ඇදිරිනීතිය පවතින බල ප්‍රදේශ තුල සත්ත්ව අහාර නිෂ්පාදන ආයතන හා ගොවිපල විශාල සංඛ්‍යාවක් පිහිටා තිබේ.

පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතාගේ උපදෙස් පරිදි, අමාත්‍යාංශ ලේකම් එස්.සේනානායක මහතාගේ අධීක්ෂණය යටතේ අතිරේක ලේකම්(වැ.ආ) වෛද්‍ය නිරෝෂන් ගමගේ මහතා වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

මේ සදහා පශු සම්පත් සංවර්ධන අංශය යටතේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්වරු පත්කර තිබේ. ඒ අනුව සෑම දිනකම සවස 2.00 වන විට දිනපතා ලැබෙන ගැටළු සමාලෝචනය කිරීම සිදුකරන අතර, සවස 4.00 වන විට අතිරේක ලේකම්(වැ.ආ) වෛද්‍ය නිරෝෂන් ගමගේ මහතාගේ අත්සනින් දෛනික වාර්තා අමාත්‍යවරයා වෙත ලබා දෙනු ඇත.

The post කොරෝනා සමයේ සත්ත්ව ආහාර,නිෂ්පාදන, ඖෂධ ප්‍රවාහන ගැටළු විසදීමට සෘජු දුරකතන අංකයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG