ඊයේ (25) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 551 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම පිරිස හදුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
ඊයේ හදුනාගත් ආසාදිතයින් අතරින් 300 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52නෙකු හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 දෙනෙකු මෙසේ හදුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් හා කොළඹ මත්ස්‍ය වෙළෙදපොල සම්බන්ධ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව තිස් හය දහස් හැත්තෑ හතක්.
අද උදෑසන වන විට මෙරටින් වාර්තාවී තිබූ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තිස්නව දහස් හත්සිය අසූ දෙකක් වන අතර ඉන් අටදහස් දෙසිය පනස් හත් දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 432ක්. ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 771 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තිස්එක් දහස් තුන්සිය තිස් නවය දක්වා ඉහළ ගියා.
ඊයේ දිනයේ එක් කොවිඩ් මරණයක් වාර්තා වූ අතර එසේ මිය ගොස් ඇත්තේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්. ඒ අනුව මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 186ක්.
The post ගෙවීගිය පැය 24 දී කොරෝනා පොකුරට 551එක්වෙද්දී මරණ ලැයිස්තුවටත් තවත් එකක් එක්වෙයි appeared first on ITN News.
Post a Comment