ප්රවීණ ගායන ශිල්පී අභාවප්රාප්ත ෂෙල්ටන් මුතුනමගේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා සිදු කිරීමට නියමිතයි. ඒ මීගමුව කුරණ රෝමානු කතෝලික සුසාන භූමියේදී.
රෝගාතුරව සිටි ෂෙල්ටන් මුතුනමගේ මහතා මීගමුව රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වන විට 73 වන වියේ පසුවුණා. විශේෂයෙන් 90 දශකයේ ජනප්රිය ගායන ශිල්පියෙකු වූ ෂෙල්ටන් මුතුනමගේ මහතා ගීත රැසක් මෙරට ගීත ක්ෂේත්රයට තිළිණ කර තිබෙනවා. ඔහු ගැයූ මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී, දීග නොයන් රත්තරනේ, මල් සිනා, සමාව ඉල්ලා යන ගීත අදටත් ප්රේක්ෂක හදවත් තුළ නොමැකී රැදී තිබෙනවා. ප්රවීණ ගායන ශිල්පී අභාවප්රාප්ත ෂෙල්ටන් මුතුනමගේ මහතාගේ දේහය මීගමුව කුරන ජූඩ් මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.
The post ෂෙල්ටන් මුතුනමගේ මහතාගේ අවසන් කටයුතු අනිද්දා appeared first on ITN News.
Post a Comment