පුවත්පත් මණ්ඩල පනතේ ඇතැම් කොටස් සංශෝධනය කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
අමාත්‍ය මාධ්‍ය ලේකම්වරුන්ගේ සංසදයේ විධායක කමිටු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කිසිදු විටක මාධ්‍ය මර්දනයක් නොකරණ බවටයි අමාත්‍යවරයා අවධාරණය කළේ. දීර්ඝ කාලයකට පසු පුවත්පත් මණ්ඩල පනත වැනි පනතක් යාවත් කාලීන කිරීමට යමෙකු විරුද්ධ වන්නේ නම් එය පසුගාමී තත්ත්වයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතරම මිලියන 21 ක් වන සමස්ත පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමද මාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමාට පැවරී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, අමාත්‍ය මාධ්‍ය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති අග්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ විජයානන්ද හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post මාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන් වගේම පුරවැසියන් වෙනුවෙනුත් පෙනී සිටින බව ඇමති කෙහෙළිය කියයි appeared first on ITN News.
Post a Comment