පසුගිය ආණ්ඩු සමයේදී අතහැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උපදෙස් දුන්නා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ව්‍යාපෘති ගැටලු පිළිබදව මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කළේ. නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.
සියලු ව්‍යාපෘති සදහා නාගරික සංවර්ධන අධිකාරිය උපයන ආදායම්වලට අමතරව මහා භාණ්ඩාගාරයෙන්ද අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
The post අතහැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අගමැතිගෙන් උපදෙස් appeared first on ITN News.
Post a Comment