පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ පිටපතක් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වවල මහ නාහිමිවරුන් හා කාදිනල් හිමිපාණන් වෙත අද පිළිගැන්වුනා.
ජනාධිපතිතුමා වෙත පසුගියදා භාරදීම සිදුකළ මෙම කොමිසන් වාර්තාවේ පිටපත් දෙකක් මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්තා රෝහණධීර මහතා සිදු කළා. මල්වතු හා අස්ගිරි මහා විහාර වෙත ගොස් අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සහ අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමිවරුන් වෙත එම වාර්තා පිළිගැන්වීමටයි කටයුතු කෙරුණේ.
වාර්තාවේ පිටපතක් අතිඋතුම් මැල්කම් කාදනල් රංජිත් හිමිපාණන් වෙත ද පිළිගැන්වීම අද සිදු කෙරුණා. කොළඹ අගරදගුරු නිවස වෙත ගිය හරිගුප්තා රෝහණධීර මහතා එම පිටපත කාදිනල් හිමිපාණන් වෙත පිළිගැන්වූවා.





The post පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මහ නාහිමිවරුන්ට සහ කාදිනල් හිමිපාණන්ට (PHOTOS) appeared first on ITN News.
Post a Comment