රුපියල් මිලියන 60ක් වටිනා කොකේන් කිලෝ 2 යි ග්‍රෑම් 29 ක් සමග දකුණු අප්‍රිකානු ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම 59 හැවිරිදි දකුණු අප්‍රිකාණු ජාතික පුද්ගලයා මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන කෙන්යාවේ නියරෝබි නුවරින් ගමන් ආරම්භ කර, කටාර් රාජ්‍යයේ දෝහා වෙත්
පැමිණ තිබේ. ඉන් පසුව කටාර් ගුවන් සේවයේ QR664 දරණ ගුවන් යානයෙන් අද උදෑසන ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහුගේ පෞද්ගලික භාණ්ඩ පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබූ ෂැම්පු බෝතල 2 ක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් 03ක කොකේන් නැමැති මත්ද්‍රව්‍යය 2.29Kgක් සොයා ගැනුණි.
මෙම කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න වේ.
මූලික පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලබා දීමට නියමිතය.

The post මිලියන 60ක කොකේන් සමඟ දකුණු අප්‍රිකානු ජාතිකයෙක් කටුනායකදී රේගු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment