ජුනි මස පළමු වනදා සිට 14 වනදා දක්වා සති දෙකක කාලයක් මැලේසියාව සම්පූර්ණයෙන් වසා දැමීමට මැලේසියා රජය තීරණය කර තිබෙනවා.
ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 8290ක් හදුනාගැනීමත් සමග මෙම තීරණය ගත් බවයි මැලේසියා අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
දින 14ක කාලයක් රට වසා දැමීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආර්ථික කටයුතුවලට සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සදහා පමණක් අවසර හිමිවනවා.
මැලේසියාව අඛණ්ඩව වැඩිම ආසාදිතයන් හමුවූ 4 වන දිනය මෙය ලෙසයි සැලකෙන්නේ.
මැලේසියාවෙන් මේ වන විට වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
The post මැලේසියාවත් සති දෙකකට ලොක්ඩවුන් කරයි appeared first on ITN News.
Post a Comment