කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ ඩෙරික් ෂාවින්ට වසර 22යි මාස 6 ක සිර දඩුවමක් නියම වුණා.
අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියා පොලිස් ප්‍රදේශයේදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා දණහිසෙන් සිරකොට ඝාතනය කිරීමේ සිද්ධියට නමැති වරදකරු වූ සුදු ජාතික ඩෙරික් ෂාවින් නමැති පොලිස් නිලධාරියාට වසර 22 යි මාස 6 ක සිර දඩුවමක් නියම වුණා.
මීට පෙර 12 දෙනෙකුගෙන් යුත් එරට ජූරියක් ඔහු වරදකරු කරනු ලැබුවා. මිනියා පොලිස්හිදී ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල දණහිසෙන් සිර කොට ඝාතනය කරනු ලැබුවේ පසුගිය වසරේ මැයි මස 25 වනදායි.
මෙම සිද්ධියෙන් අනතුරුව අමෙරිකාව මෙන්ම ලොව පුරා කළු ජාතිකයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක වුණා.
The post ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතකයාට වසර 22යි මාස 6ක සිර දඩුවමක් appeared first on ITN News.
Post a Comment